කාලගුණික ප්‍රතිරෝධකයක් ලෙස මොටර් රථ කර්මාන්තයේදී භාවිතා කරන ලද Acrylonitrile Styrene Acrylate හෙවත් ASA සංයෝගය අද වන විට ඉදිකිරීම් කර්මාන්තයේදී වහල ෂීට් සදහාද භාවිතා කරයි. ත්‍රිමාණ මුද්‍රණයේදී සාමාන්‍ය මූලාකෘතිකරණය සදහා ASA බහුලව භාවිත විය. පාරජම්බුල කිරණ ප්‍රතිරෝධය, අධික තාපයට ඔරොත්තුදෙන ස්වභවය සහ එහි වූ යාන්ත්‍රික ගුණාංග නිසා මෝටර් රථ කර්මාන්තයේදී විශිෂ්ට ද්‍රව්‍යයක් විය. ඉහළ දිගුකාලීන තාප ප්‍රතිරෝධය සහ වඩා හොඳ රසායනික ප්‍රතිරෝධයක් ලබා දෙන නිසා මෙම සංයෝගය නිෂ්පාදන කර්මාන්තයේ බලපෑමක් කලහැකි සංයෝගයක බවට පත්ව ඇත.
එලිමහනේ පවතින නිෂ්පාදනයන්හිදී ASA දිලිසෙන වර්ණයන්ගෙන් කාලයක් පවත්වාගැනීමේ හැකියාව ඇත. වර්ණය සහ යාන්ත්‍රික ගුණය කාලයක් පවත්වා ගැනීමට ඇති හැකියාව සුවිශේෂී දෙයකි. 2003 වන විට ASA හි විශාල නිෂ්පාදකයින් සිටියේ ස්වල්පයක් පමණි; උදා. BASF, General Electric, Bayer, Miele, Hitachi, සහ LG Chem.
ඇක්රිලෝනිට්රයිල් ස්ටයිරීන් ඇක්‍රිලේට් (ASA) ප්‍රථම වරට BASF විසින් 1970 දී ලුරාන් එස් ලෙස හඳුන්වා දෙන ලදී. එදා ඔවුන්ගේ අරමුණ වූයේ වාහන නිෂ්පාදනය දියුණු කිරීමයි. කර්මාන්ත විශේෂඥයින් විසින් 2019 -2023 කාලය ASA වෙළද පොල 2.01%කින් වර්ධනය වනු ඇතැයි පුරෝකතනය කොට තිබුනි. 2023 වන විට වාහනවල බර අඩු කිරීමේලා ASA මහගු කාර්යක් ඉටු කරමින් මෙම වර්ධනය අත්පත් කරගනු ඇතැයි ගනන් බලා තිබුනි. මේ සියලු පුරෝකතනයන් බිදහෙලමින් ඉදිකිරීම් කර්මාන්තයේ වහල සදහා ඉතා සාර්ථක නිර්මානයක් ලෙස ASA වහල සීග්‍රයෙන් පැතිර යයි. මෙම වෙලද පොල ඉල්ලුමට 2019දීම ASA නිෂ්පාදකයින්ට සැපයුම දිය නොහැකිවීම හරහා ASA මිල තවත් ඉහල යනු ඇතැයි නවතම වෙළද පොල පුරෝකතනයවේ. ලොව පුරා ඉතා ජනප්‍රිය වූ ASA වහල ලංකාව තුල ජනප්‍රිය කරමින් සිටින්නේ අයිඩියා සමූහ ව්‍යපාරය මෙහෙයවන සිවිලිම ප්රදර්ශනාගාර ජාලයයි.
...................................................................................
සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය
නො11, ඩී.එස්. සේනානායක වීදිය,
පන්සල හන්දිය, අම්පාර.
0759252025
0632051193
Email- sivilima.lk@gmail.com
Web sivilim.blogspot.com
👍Like Face book page Sivilima Ampara
නො11, ඩී.එස්. සේනානායක වීදිය,
පන්සල හන්දිය, අම්පාර.
0759252025
0632051193
Email- sivilima.lk@gmail.com
Web sivilim.blogspot.com
👍Like Face book page Sivilima Ampara
-------------------------------------------------------------------------
No comments:
Post a Comment