Saturday, February 27, 2021

ඕසෝන් වියන සුරකිමු


ඕසෝන් සහ දේශගුණ විපර්යාස ගෝලීය සාමූහිකත්වයෙන් ආරක්‌ෂා කිරීම
ඕසෝන් යනු කුමක්‌ ද? ඕසෝන් ස්‌ථරය සහ ඕසෝන් ස්‌ථරයේ සම්භවය
* ඔක්‌සිජන් (O) පරමාණු තුනකින් සමන්විත ඕසෝන් (O3), වායුගෝලය තුළ ඉතා අල්ප ප්‍රතිශතයකින් යුක්‌ත වන අතර සමස්‌ත වායුගෝලයේ පරිමාවෙන් 7x10-5 පමණ වේ. ඕසෝන් අණු නිල් පැහැයකින් යුත් තරමක ගන්ධයකින් යුත් වායුවකි. ස්‌වාභාවික තත්ත්ව යටතේ ස්‌ථර ගෝලය තුළ ඕසෝන් ඇති වීම හා එහි බිඳ වැටීම ගතික සමතුලිත ප්‍රතික්‍රියාවන්හි ප්‍රතිඵලයකි. ඕසෝන් ස්‌ථරය 1913 දී ප්‍රංශ ජාතික භෞතික විද්‍යා චාර්ල්ස්‌ ෆැබ්රි සහ හෙන්රි බුයිසන් විසින් සොයාගන්නා ලදී.
පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 16-50ක දුරින් වායුගෝලීය ස්‌ථර ගෝලයේ ඕසෝන් වායු සාන්ද්‍රණය බහුල වූ කලාපය ඕසෝන් වියන ලෙස හඳුන්වයි. ඕසෝන් වියන පෘථිවියට ආවේණික වන අතර එහි සම්භවය අවුරුදු මිලියන 400කට පෙර සිදු වී ඇත. දිගු කලක්‌ වෙනසකින් තොර ව මිහි මත ජීවය සුරක්‌ෂිත කරමින් ස්‌වාභාවික ආවරණයක්‌ ලෙස මෙය පැවතිණි.
ඕසෝන් ස්‌ථරයේ වැදගත්කම
ඕසෝන් වියන සූර්යයා වෙතින් නිකුත් වන අහිතකර පාරජම්බුල කිරණ තරංග ආයාම පරාස නැනෝ මීටර් 200 - 315 (UV-B සහ UV-C) පෘථිවිය මත පතිත වීම අඩාළ කරමින් මිහිමත සියලු ජීවීන් ගේ මෙන්ම සමස්‌ත පරිසර පද්ධතීන් ගේ ද ක්‍රියාකාරීත්වයට මං සලසයි.
ඕසෝන් වියන තුනි වීම
මිනිසා විසින් නිෂ්පාදනය කරනු ලබන ඇතැම් රසායනික ද්‍රව්‍යයන් නිසා ඕසෝන් ස්‌ථරයට හානි සිදු වන බවට 1974 දශකයේ දී කැලිෆොaනියා විශ්වවිද්‍යාලයයේ ෂර්වුඩ් රෝලන්ඩ් සහ මාරියෝ මොලීනා යන විද්‍යාඥයන් විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබී ය. ඒවා ඕසෝන් ක්‌ෂයකාරක ද්‍රව්‍යය ලෙස හඳුන්වනු ලැබේ. මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද හැලජනිකෘත හයිඩොකාබන රසායන ද්‍රව්‍යයන් වායුගෝලයට මුදාහැරීම නිසා ස්‌ථරගෝලය ඕසෝන් ස්‌ථරයේ දී ගතික සමතුලිතතාව බිඳ දමන ප්‍රේරක ප්‍රතික්‍රියාවන්ට සහභාගි වී ඕසෝන් ස්‌ථරයට හානි වීමක්‌ සිදු වන බව සොයාගැනිණි.
ප්‍රබල ඕසෝන් ක්‌ෂයකාරක ද්‍රව්‍යයන්
* ක්‌ලෝරෝෆ්ලෝරෝකාබන් - ශීතකාරකයක්‌ ලෙස සුවඳ විලවුන් වර්ග, ස්‌ප්‍රේ තීන්ත වර්ග, පළිබෝධනාශක නිෂ්පාදනයේ දී ඉසිනකාරකයක්‌ ලෙස හා ෆොaම් වර්ග නිෂ්පාදනයේ දී
* හේලෝන් - ගිනි නිවීමේ උපකරණවල
* කාබන්ටෙට්‌රාක්‌ලෝරයිඩ් - ගිනි නිවීමේ උපකරණවල හා ද්‍රවකයක්‌ ලෙස. සක්‍රීය කාබන් නිෂ්පාදනයේ දී තත්ත්ව පරීක්‍ෂාවට
* මීතයිල් ක්‌ලෝරෝෆෝම් - ද්‍රවකයක්‌ ලෙස, පිරිසිදුකාරකයක්‌ ලෙස
* මීතයිල් බ්‍රොමයිඩ් - පළිබෝධනාශකයක්‌ ලෙස, පස ධූමකරණය කිරීමට, නිරොධායන කටයුතුවලට
ඕසෝන් මනිනු ලබන්නේ කෙසේ ද?
වායුගෝලය තුළ ඕසෝන් සාන්ද්‍රණය ඩොබ්සන් (Db) ඒකකයෙන් මනිනු ලබන අතර එය රසායනාගාර තුළ ඇති උපකරණ භාවිතයෙන් මෙන්ම බැලූන, අහස්‌ යානා, පැරෂුට්‌ ආදිය සවි කරනු ලැබූ ජංගම මිණුම් උපකරණ යොදා ගෙන සිදු කරනු ලබයි.
ඕසෝන් සිදුර යනු කුමක්‌ ද?
ඕසෝන් වියන තුනී වීම පිළිබඳව 1975 දී වාර්තා වූ අතර 1980 දී ඇන්ටාක්‌ටික්‌ අර්ධ ගෝලයේ ඕසෝන් ස්‌ථරයේ සැලකිය යුතු තුනී වීමක්‌ සිදු ව ඇත. 2006 දී ඇන්ටාක්‌ටික්‌ අර්ධ ගෝලයේ ඕසෝන් ස්‌ථරයේ තුනී වීමක්‌ ඉතා විශාල ප්‍රදේශයක්‌ දිස්‌ විය. මෙය ඕසෝන් සිදුර ලෙස හැදින්වේ.
ඕසෝන් ස්‌ථරය සුරැකිය යුත්තේ ඇයි?
ඕසෝන් වියන මිහිතලය මත ආරක්‌ෂක පලිහක්‌ ලෙස ක්‍රියා කරමින් හිරු වෙතින් පැමිණෙන අහිතකර පාරජම්බුල කිරණයන් ගෙන් මිහිමත ජීවය තහවුරු කරන බැවිනි.
ඕසෝන් වියන හානි වීම නිසා ඇති වන සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු
ඕසෝන් ස්‌ථරයට හානි පැමිණීම නිසා පෘථිවිය මතට ළගා වන අහිතකර පාරජම්බුල කිරණයන්ට (UV නිරාවරණය වීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු හා පාරිසරික ගැටලු ඇති වන අතර සමේ පිළිකා, ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩු වීම, ඇසේ සුද ඇති වීම, ජාන විකෘති සෞඛ්‍ය ගැටලු අතර ප්‍රධාන වේ.
පරිසර ගැටලු
* ශාක නිෂ්පාදනය කෙරෙහි අහිතකර බලපෑම් ඇති වීම.
* පාරජම්බුල විකිරණයේ අහිතකර බලපෑම නිසා ශාකයන්හි කායික ක්‍රියාකාරීත්වය කෙරෙහි අහිතකර ලෙස බලපෑමෙන් වන නිෂ්පාදනය අඩු වීම.
* ශාක ප්ලවාංග විනාශ වීම නිසා වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වැඩි වීම.
* මත්ස්‍ය සහ උභයජීවී බිත්තර විනාශ වීම, එනිසා මත්ස්‍ය සම්පත අඩු වීම හා සාගර ආහාර දාම බිද වැටීම.
* ජෛව විවිධත්වය අඩු වීම.
දේශගුණ විපර්යාස සහ ඕසෝන් ස්‌ථරය ක්‌ෂය වීම
බොහෝ ඕසෝන් ක්‌ෂයකාරක ද්‍රව්‍යයන් හරිතාගාර වායූන් ලෙස ක්‍රියා කරමින් දේශගුණික වෙනස්‌ වීම සඳහා බලපෑම් ඇති කරයි.
ඕසෝන් වියන සුරැකීම සඳහා ගෝලීය ප්‍රජාව ගේ සාමූහික මැදිහත් වීම
1985 වර්ෂයේ දී ඕසෝන් ස්‌ථරය රැකගැනීම සඳහා වූ වියානා සම්මුතිය හා 1987 දී මොන්ටි්‍රයල් සන්ධානය ලොව පුරා රටවල් නියෝජනය කරමින් ආරම්භ විය.
1989 දී ස්‌ථරය රැකගැනීම සඳහා වූ වියානා සම්මුතිය හා මොන්ටි්‍රයල් සන්ධානයේ ප්‍රතිපත්තින්ට අනුකූලව ශ්‍රී ලංකාව ද අත්සන් කරන ලදී.
ඕසෝන් වියන සුරැකීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය
* මොන්ටි්‍රයල් සන්ධානයේ ප්‍රතිපත්තින්ට අනුකූලව ඕසෝන් ක්‌ෂයකාරක ද්‍රව්‍ය පාලනය සහ අදියරගත ව බැහැර කිරීමේ ඉලක්‌කයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම.
* මොන්ටි්‍රයෙල් සන්ධානය විසින් පනවන ලද ඕසෝන් ක්‌ෂයකාරක ද්‍රව්‍ය පාලනය සඳහා වන ප්‍රතිපත්තීන්ට හා රෙගුලාසිවලට අනුකූලව එකී සන්ධානය විසින් පනවන ලද ඉලක්‌කගත කාලපරාසයන්ට වසර දෙකකට පෙර 2008 වසරේ දී ක්‌ලෝරොෆ්ලෝරො කාබන් (CFCs) ශ්‍රී ලංකාවට ආනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට හැකි විය.
* හයිෙඩ්‍රාක්‌ලෝරෝෆ්ලෝරොකාබන (HCFCs) කළමනාකරණ සැලැස්‌ම පිළියෙල කර එය ක්‍රියාවට නැංවූ ප්‍රථම රාජ්‍යයන් අතරින් එකක්‌ ලෙස ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර විණි.
ශ්‍රී ලංකා ආර්ථිකයට අවම බලපෑමක්‌ සිදු වන ආකාරයට HCFCs ශ්‍රී ලංකාවට ආනයනය සදහා කෝටා ක්‍රමය ස්‌ථාපිත කරනු ලැබිණි.
ඕසෝන් මිතුරු පාරිභෝගික උපකරණ වෙත යොමු වීම (R600a ශීතකාරකය සහිත ශීතකරණ සහ හයිඩ්‍රජන්, ඇමෝනියම් වැනි ශීතකාරක සහිත වායු සමන යන්ත්‍ර භාවිතය), ඕසෝන් මිතුරු විකල්ප තාක්‌ෂණ ක්‍රමවේදයන් හාවිතයට හුරු විම, දේශගුණික විපර්යාස අවම කිරීමට හේතු වන හරිතාගාර වායුන් අවම කිරීම ආදිය මගින් බලශක්‌ති සංරක්‌ෂණයට ද ඉඩ සලසමින් බහුවිධ කාර්යයක්‌ ඉටු කරනු ඇත.
ඒ අනුව ඔබටත් ඕසෝන් මිතුරු පාරිභෝගික උපකරණ හාවිතයට හුරු වීම මඟින් ඕසෝන් හිතකාමියකු වී දේශගුණික විපර්යාස අවම කර හරිත ලොවක්‌ ගොඩනැගීමට දායක විය හැකි ය.
ඕසෝන් ස්‌ථරය විනාශය පිළිබඳ අවබෝධ කරගෙන එහි ආරක්‌ෂාව පිළිබඳ උනන්දු වූ ගෝලීය ප්‍රජාව 1985 වර්ෂයේ සිට ඒකරාශි වීම ආරම්භ විය. එමගින් වියන රැකගැනීම සඳහා ලෝක සම්මුති සැකසීම පිළිබඳ නීති හා තාක්‌ෂණ ක්‍රම සැපයිනි. එය ඕසෝන් ස්‌ථරය ආරක්‌ෂා කරගැනීම පිණිස වූ වියානා සම්මුතිය නම් වේ. මේ සම්මුතියේ ඇති විධි විධාවලට වඩා ස්‌ථිරසාර නීතිමය පසුබිමක්‌ සහිත සන්ධානයක ඇති අවශ්‍යතාව අවබෝධ කරගත් ගෝලීය ප්‍රජාව 1987 වර්ෂයේ දී මොන්ටි්‍රයල් සන්ධානය නමින් ඕසෝන් ස්‌ථරයට හානිකර ද්‍රව්‍ය නිෂ්පාදනය හා භාවිතය ක්‍රමයෙන් අඩු කිරීමටත් අවසානයේ දී සම්පූර්ණයෙන් නතර කිරීමටත් මඟ පාදන එකඟතාවක්‌ ඇතිකර ගත් හ.
ඕසෝන් වියන සුරැකීමෙහි ලා
ශ්‍රී ලංකාවේ දායකත්වය
1989 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ඉහත සඳහන් කළ වියානා සම්මුතියට හා මොන්ටි්‍රල් සන්ධානයට අත්සන් තබමින් ඒවායේ පාර්ශවකරුවකු බවට පත් විය. දැනට මොන්ටි්‍රයල් සන්ධානයට රටවල් 197ක්‌ එකඟ වී ඇති අතර එය ලෝකයේ සාර්ථක ම පාරිසරික එකඟතාව ලෙස සැලකේ. 1994 දී මොන්ටි්‍රයල් සන්ධානයට කෙන්ද්‍රීය ලක්‌ෂ්‍යය වන පරිසර අමාත්‍යංශය යටතේ ජාතික ඕසෝන් ඒකකය (එවකට හඳුන්වන ලද්දේ මොන්ටි්‍රයල් සන්ධාන ඒකකය ලෙස ය) ආරම්භ කරන ලදි.
මොන්ටි්‍රයල් සන්ධානයේ තවත් පාර්ශ්වකරුවකු වන ශ්‍රී ලංකාව එයට අත්සන් කිරීමෙන් පසු එහි ඇති විධිවිධාන අප රට තුළ ඇති නීතිමය පද්ධතිය තුළට ගෙන ඒම සඳහා විශේෂ ගැසට්‌ නිවේදන කිහිපයක්‌ මේ වන විට නිකුත් කර ඇත. ඒ අනුව දැනට මොන්ටි්‍රයල් සන්ධානය යටතේ දක්‌වා ඇති ඕසෝන් ක්‌ෂයකාරක ද්‍රව්‍ය රට තුළට ආනයනය කිරීමේ දී ආනයන පාලන බලපත්‍රයක්‌ ලබාගැනීම අනිවාර්ය අතර පහත සඳහන් අයුරින් ඒ ඒ ද්‍රව්‍ය ආයතනය තහනම් විය.
ඕසෝන් හානිකරන ද්‍රව්‍ය පිළිබඳ නීති රීති :
* 2010-01-01 සිට CFC වර්ගයේ රසායන ද්‍රව්‍ය සහ හේලෝන් ආනයනය තහනම් කිරීම.
* 2010-01-01 සිට කාබන් ටෙට්‍රාක්‌ලෝරයිඩ් ආනයනය කිරීම නතර කළ අතර අත්‍යවශ්‍ය භාවිතයන් සඳහා පමණක්‌ සීමිත ප්‍රමාණයක්‌ ආනයනය කිරීමට ඉඩ දෙනු ලැබී ය.
* 2013-01-01 සිට HCFC ආනයනය සීමාකාරී කිරීම.
* 2015-01-01 සිට මෙතිල් බ්‍රොaමයිඩ් (MeBr) හා මෙතිල් ක්‌ලෝරෝෆොaම් ආනයනය කිරීම නතර කරනු ඇති අතර අත්‍යාවශ්‍ය භාවිතාවන් සහ පූර්ව නැව්ගත කිරීම් සඳහා පමණක්‌ සීමිත ප්‍රමාණයකින් පැඊර ආනයනය කිරීමට ඉඩ දෙනු ලැබේ.
* එමෙන් ම CFC සහිත හෝ CFCවලින් ක්‍රියාත්මක වන භාවිත කරන ලද ශීතකරණ හා වායුසමන උපකරණ ආනයනයට දැනටමත් ඉඩ දෙනු නො ලැබේ.
ශ්‍රී ලංකාව මොන්ටි්‍රයල් සන්ධානයට අත්සන් කර වසර 15ක්‌ ගත වීම හා ජාතික ඕසෝන් ඒකකය ආරම්භ කර වර්ෂ 10ක්‌ සම්පූර්ණ වීමත්, ලංකාවේ ඕසෝන් විනාශ කරන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්යයේ ප්‍රගතියත් යන කරුණු සලකා බලා ශ්‍රී ලංකා රජය විසින් 2004 වර්ෂය ජාතික ඕසෝන් වර්ෂය ලෙස නම් කෙරිණි. ජාතික ඕසෝන් ඒකකයේ ප්‍රධානත්වයෙන් අප රට තුළ භාවිත වන ඕසෝන් ස්‌ථරයට හානි කරන ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීම සඳහා වූ මොන්ටි්‍රයල් සන්ධානයේ බහුපාර්ශ්වික අරමුදලේ මුල්‍ය හා තාක්‌ෂණ ආදාර ලබාගත් ව්‍යාපෘති රාශියක්‌ ක්‍රියාවට නංවා ඇත. අප රට තුළ ක්‍රියාත්මක කරනු ලැබූ සහ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති කිහිපයක්‌ පහත දක්‌වා ඇත.
ශ්‍රී ලංකාව තුළ කිසිදු ඕසෝන් ක්‌ෂයකාරක රසායනිකයන් නිෂ්පාදනය වන්නේ නැත. ආනයනයන් ඔස්‌සේ පමණක්‌ රට තුළට සියලු ම ඕසොන් ක්‌ෂයකාරක රසායන ද්‍රව්‍යයන් හා ඒවා අඩංගු උපකරණ පැමිණේ.
01. CFC බැහැර කිරීම 2008 වසර වන විට සම්පූර්ණයෙන් ම ක්‍රියාව නැංවීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකාව තුළ ඕසෝන් ක්‌ෂයකාරක රසායනයන් නිෂ්පාදනය නො වන අතර භාවිතයන් සම්පූර්ණයෙන් ම ආනයනය මත ර¹ පවතී. ආනයනය පාලනය කිරීම මගින් භාවිතය අඩු කිරීම පහසු වේ. මොන්ටි්‍රයල් සන්ධානයේ විධිවිධාන හා රෙගුලාසිවලට අනුව CFC බැහැර කිරීම සම්පූර්ණ කළ යුතු වූයේ 2010 වසර වන විට ය. එහේ ශ්‍රී ලංකාව 2008 වසර වන විට CFCල හේලෝන් වැනි ප්‍රබල ඕසෝන් ක්‌ෂයකාරක ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් බැහැර කිරීමට සමත් විය. සංවර්ධනය වෙමින් පවතින රටක්‌ ලෙස එය ශ්‍රී ලංකාව ලද විශාල ජයග්‍රහණයකි. මේ අනුව 2012 වසර වන විට ඕසෝන් ක්‌ෂයකාරක රසායන වර්ග 54ක්‌ ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් නවතා දැමීමට අප සමත් වී ඇත.
* CFC බැහැර කිරීම සඳහා ව්‍යාපෘතීන් ගණනාවක්‌ ක්‍රියාත්මක කර සාර්ථක ව අවසන් කරන ලදි. ඒ අතර,
01. 1997 වසරේ දී CFC එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද CFC බහුල ලෙස භාවිත වනුයේ ශීතකරණ අළුත්වැඩියා ෙක්‌ෂත්‍රයේ ය. මේ ව්‍යාපෘතිය යටතේ ශීතකරණ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්‌ථාන 8ක්‌ හා එකතු කිරීමේ මධ්‍යස්‌ථාන 100කට වඩා වැඩි ප්‍රමාණයක්‌ ශීතකරණ, වායු සමීකරණ අලුත්වැඩියා කිරීමේ වැඩපොළවල් ආශ්‍රිත ව දිවයින පුරා පිහිටුවන ලදි. මේ ආයතනවලට ශීතකරණ එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණයට අවශ්‍ය උපකරණ ලබා දුන් අතර මේ නිසා CFC -12 ශීතකාරක එකතුකර ප්‍රතිචක්‍රීයකරණය කොට නැවත භාවිතයට ඉඩකඩ ලැබිණි.
02. CFC 12 වර්ගයේ ඕසෝන් ක්‌ෂයකාරක ද්‍රව්‍ය බහුලව භාවිත කළ තවත් කර්මාන්ත ෙක්‌ෂත්‍රයක්‌ නම් සුවඳ විලවුන් ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී ඉසින කාරක ය. ශ්‍රී ලංකාව තුළ CFC වර්ගයේ රසායන ද්‍රව්‍යය භාවිත කර සුවඳ විලවුන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවට ඕසෝන් හිතකාමී තාක්‌ෂණය හඳුන්වා දීමට ජාතික ඕසෝන් ඒකකයට හැකි වූ අතර දැන් ඉසින කාරකය ලෙස භාවිත කරනුයේ හයිෙඩ්‍රාaකාබන් ය.
03. ශ්‍රී ලංකාව තුළ CFC - 12 වර්ගයේ ශීතකාරක භාවිත කර ශීතකරණ හා අධිශීතකරණ නිෂ්පාදනය කරන ලද කර්මාන්තශාලා තුන ම ඕසෝන් හිතකාමී තාක්‌ෂණයට යොමු කරන ලදි. දැන් එම කර්මාන්තශාලා ශීතකාරකය ලෙස භාවිත කරනුයේ HFC - 134a (හයිෙඩ්‍රාaෆ්ලෝරෝකාබන් - 134a) ය. එමෙන් ම එම යන්ත්‍රවල පරිවාරක ද්‍රව්‍ය (ෆොaම් වර්ගය) නිෂ්පාදනය කිරීමට මීට ඉහත දී භාවිත කළේ CFC-11 වන අතර දන් භාවිත කරනුයේ HCFC - 141b හෝ සයික්‌ලෝපෙන්ටේන් ය. එමෙන් ම ගෝලීය වශයෙන් CFC ශීතකරක වෙනුවට ඕසෝන් හිතකාමී ස්‌වාභාවික වායුන් වන ඇමෝනියා හා හයිෙඩ්‍රාaකාබන් භාවිතය ද බහුල ලෙස දැකිය හැකි ය.
04. ගිනි නිවීම සඳහා හේලෝන් වර්ෂ 1992න් පසුව ලංකාවට ආනයනය කර නොමැත. 2010 වර්ෂයේ දී එය ආනයනය තහනම් කරන ලදි.
හේලෝන් වර්ග සහිත නිෂ්පාදන/ගිනි නිවීමේ උපකරණ වෙනුවට ආදේශක රසායනිකයන් හඳුන්වා දී ඇත. ඕසෝන් හිතකාමී ද්‍රව්‍ය වන ජලය, CO2 හා Ar වැනි නිෂ්ක්‍රීය වායු මෙන්ම FM 200 වැනි රසායන ද්‍රව්‍යය ද දැනට හඳුන්වා දී ඇත.
05. මෙතිල් බ්‍රොaමයිඩ් (MeBr) 2010ට පෙර ලංකාව තුළ කෘෂිකාර්මික වගාවන්වල දී පළිබෝධනාශකයන් ලෙස බහුලව භාවිත විය. ප්‍රධාන වශයෙන් තේ වගාවේ දී තේ පැළ තවාන්වල පස ධුමායනය කිරීමට සහ කෘෂිකාර්මික ෙක්‌ෂත්‍රයේ පළිබෝධනාශනය කිරීමට යොදාගන්නා ලදි. ජාතික ඕසෝන් ඒකකයේ ආධාර ඇති ව තේ පර්යේෂණ ආයතනය මගින් කරන ලද පර්යේෂණවලට අනුව තේ පැළ තවාන් සඳහා ඕසෝන් හිතකාමී තාක්‌ෂණය හඳුන්වා දීමට හැකි විය. මේ අනුව පස සූර්යතාපනය කිරීම (සූර්යාලෝකයට පස නිරාවරණය කිරීම) තේ අපද්‍රව්‍යයන් නියමිත ප්‍රමාණයෙන් පසට මිශ්‍ර කිරීම සහ ආදේශන රසායන ද්‍රව්‍ය හඳුන්වා දීම සිදු කරන ලදි. කෘෂිකාර්මික ෙක්‌ෂත්‍රයේ භාවිත වන අනෙකුත් මෙතිල් බ්‍රොaමයිඩ් සඳහා ආදේශකයන් හඳුන්වා දී ඇත.
MeBr දැනට කෘෂි අපනයනයන් පූර්ව නැව්ගත කිරීමේ දී හා නිරෝධායන සේවයේ දී පමණක්‌ භාවිත වන අතර එය ද දැඩි පාලිත තත්ත්ව යටතේ දී සිදු කරයි.
06. ද්‍රdවණ සඳහා ඕසෝන් හිතකාමී හයිෙඩ්‍රාaකාබන් භාවිතයට හඳුන්වා දී ඇති අතර CFC ශ්‍රේණියේ රසායනයන් කිසිවක්‌ භාවිතයට නො ගනී. එලෙස යොදාගන්නා විකල්ප ද්‍රdවක වර්ග ෙක්‌ෂත්‍රයෙන් ෙක්‌ෂත්‍රයට වෙනස්‌ වේ.
07. මොන්ටි්‍රයල් සන්ධානයේ 13 වැනි පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම 2001 වසරේ ඔක්‌තෝබර් 16 සිට 19 දක්‌වා කොළඹ දී පැවැත්විණි.
08. ඕසෝන් ස්‌ථරයට හානි පමුණුවන ද්‍රව්‍ය සඳහා වූ ජාතික අනුකූලතා සැලැස්‌මක්‌ ජපන් හා එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන (UNEP) සමඟ එක්‌ ව සම්පාදනය කරන ලදි. මේ ක්‍රියාකාරී සැලැස්‌ම මොන්ටි්‍රයල් සන්ධානයේ විධායක කමිටුව මගින් අනුමත කරන ලද අතර ඒ යටතේ පහත දැක්‌වෙන ව්‍යාපෘති 09, 2005 වසරේ ආරම්භ කළ අතර ඒ සියල්ල ම මේ වන විට සාර්ථකව නිම කර ඇත. 2008 වසර වන විට CFC භාවිතය සම්පූර්ණයෙන් ම නවතා දැමීමට මේ ව්‍යාපෘතීන් උපකාරී විය.
* ශීතකරණ හා වායු සමන ෙක්‌ෂත්‍රයේ නියුතු කාර්මිකයන් සඳහා වූ පුහුණු කිරීමේ වැඩසටහන.
* නීති විරෝධී ලෙස ඕසෝන් ක්‌ෂයකාරක ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම වැළැක්‌වීම පිණිස රේගු නිලධාරීන් පුහුණු වැඩසටහන.
* හේලෝන් කළමනාකරණය කිරීමේ වැඩසටන.
* මහා පරිමාණ ශීතකාරක භාවිතාකරුවන් සඳහා වූ දිරිගැන්වීමේ වැඩසටහන
* ශීතකාරක එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහන.
* වාහන වායුසමීකරණ ශීතකාරක එකතු කිරීම්, ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හා ආදේශක ශීතකාරක ද්‍රව්‍යවලට වෙනස්‌ කිරීමේ වැඩසටහන හා CFC ශීතකාරක මගින් ක්‍රියා කරන රජයේ වාහන (කාර්) වායුසමීකරණ 416ක්‌ ඕසෝන් මිතුරු තාක්‌ෂණයට පරිවර්තනය කිරීම. (HFC 134A)
* ඉහත සඳහන් සියලු ම වැඩසටහන් අධීක්‌ෂණය හා සම්බන්ධීකරණය කිරීම.
මොන්ටි්‍රයල් සන්ධාන පාර්ශ්වකාරී රටක්‌ ලෙස ශ්‍රී ලංකාව තුළ වාර්ෂික ඕසෝන් ස්‌ථරයට හානිකාරක ද්‍රව්‍ය පරිභෝජනයට පිළිබඳ රැස්‌ කරගන්නා දත්ත මොන්ටි්‍රයල් සන්ධාන ලේකම් කාර්යාලයට හා බහුපාර්ශවික අරමුදල් ලේකම් කාර්යාලයට යොමු කරනු ලැබේ. මේ අනුව මේ ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීමේ වැඩසටහන අධීක්‌ෂණය වඩා පහසු විය.
(ජාතික ඕසෝන් ඒකකය මගින් ප්‍රකාශිත "ඕසෝන් - මිහිමඩල සුරකින අහස්‌ වියන" පොත් පිංචෙනි)
ප්‍රයත්නයේ සාර්ථකත්වය.
1. ඕසෝන් ක්ෂය වීමේ වේගය දශකයකට 8% සිට 4% දක්වා වීම
2. ඕසෝන් ස්ථරය යථා තත්ත්වයට පත් වීම තව වසර 50 කින් පමණ සිදු වේ යයි විශ්වාස ‍කිරීම.
3.‍ඕසෝන් වියන රැක ගැනීමට දායක නොවු‍යේ නම්,
2050 වන විට උතුරු අර්ධ ගෝලයේ ඔසෝන් මට්ටම අද මෙන්50%කින් වර්ධනය විය හැකිව තිබුණි.දකුණු අර්ධගෝලයේ අද මෙන් දශ ගුණයකින් වැඩි විය හැකිව තිබුණි.
පෘථිවිය මතට එන UV කිරණ දෙගුණ වේ.
ඕසෝන් හානි කර ද්‍රවය වර්තමානය මෙන් පස් ගුණයකින් ඉහළ යයි.
මේවායේ ප්‍රතිඵල ලෙස,
ඇසේ සුද මතුවිම අදට වඩා මිලියන 130කින්ද,
චර්ම පිළිකා මිලියන 1.5කින්ද,වෙනත් පිළිකා මිලියන 19කින්ද ඉහළ යා හැකිව තිබුණි.
ඕසෝන් අහිතකර රසායනික ද්‍රව්‍ය 96 භාවිතයෙන් ඉවත් කිරිමට පියවර ගැනිම .1996 දී ටොන් මි.1.1 වු CFC,2001 වන විට ටොන් 1100කට අඩු විය.මෙය 2010 දී ටොන් මි.3කින්ද,2060 දී ටොන් මි.8කින්ද අඩුවිමට ඉඩ ඇත.
වර්තමානය වන විටත් පවතින අභියෝග.
සංස්කරණය
1.ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2006දි පවසන්නේ ඕසෝන් වියන යථා තත්වයට පත් විමට ගත වන කාලය අවුරුදු 50 කට වඩා වැඩි විය හැකි බවයි.
2.මොන්ට්‍රියල් සමුළු‍වේ සංශෝධන නීතිගත කිරිමේදී හා ක්‍රියාත්මක කිරිමේදි ඇතිවන බාධා.
3.තවමත් රටවල් 11ක් මෝන්ට්‍රියල් සංධානය නීතිගත කර නොතිබීම.
4.සිර දඩුවම් ,දඩ මුදල් පැනවුවත් ඕසෝන් අහිතකර ද්‍රවය වෙළදාම තවමත් සිදුවීම
5.දියුණු වන රටවල අහිතකර රසායන ද්‍රවය අවසන් කීරිම නියමිත පරිදි සිදු නොවිම.හෙලෝන් නිෂ්පාදනය 1994 දීඅවසන් කර ද තවමත් වායු ෙගා්ලයට එක් වීම.
6.ඕසෝන් අහිතකර ද්‍රවය දියුණු රටවලින් ඉවත් කර දියුණු වන රටවලට එවිම.
7.මෙතිල් බ්‍රොමයිඩ් භාවිතය තවදුරටත් සිදු වීම.
8.CFC වෙනුවට හදුන්වා දුන් හයි‍ඩ්‍රොක්ලෝරෝ කාබන් ප්‍රබල හරිතාගාර වායුවක් වීම.

ඕසෝන් වියන සුරැකීමේ දායකත්වය වෙනුවෙන් සිවිලිම ප්‍රදර්ශනාගාර පරිසර හිතකාමී නිෂ්පාදන රටට හදුන්වා දුන් අතර ප්‍රතිචක්‍රිකරණ කර්මාන්තශාලාවක් ඉදිකොට අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම වැලැක්වීම ආදී පරිසර හිතකාමී වැඩ කටයුතු ගනනාවක් දියත් කොට ඇත.
 සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරයද මේ වෙනුවෙන් විශාල වැඩ ප්‍රමාණයක් දියත් කිරීම ගැන සතුටු වෙමු.

 ..................................................................................

 සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය
නො11, ඩී.එස්. සේනානායක වීදිය,
පන්සල හන්දිය, අම්පාර.

0759252025

0632051193

Email- sivilima.lk@gmail.com

Web sivilim.blogspot.com

👍Like Face book page Sivilima Ampara
-------------------------------------------------------------------------

No comments:

Post a Comment

කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද?

👀 කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද? 👀   සිවිලිමක structural elements වැරදුනත් පෙනුම ලස්සනයි 👀   ගෙදරට සිවිලිමක් අවශ්‍යනම් මේ ග...